හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ඇතුලු 6 දෙනකුට එරෙහි නඩුවේ 5 වැනි සාක්ෂිකරුට අධිකරණයෙන් වරෙන්තු

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ඇතුලු 6 දෙනකුට එරෙහි නඩුවේ 5 වැනි සාක්ෂිකරුට අධිකරණයෙන් වරෙන්තු

ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් වැය කර ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව දිනපොත් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ පස් වන සාක්ෂිකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (10) නියෝග කළා.

මහාධිකරණ විනිසුරුවරිය එකී ⁣නියෝගය නිකුත් කළේ නඩුව කැඳවු අවස්ථාවේදී පැමිණිල්ලේ පස්වන සාක්ෂිකරු වන බලපිටිය ලියනගේ කැලුම් පුෂ්පකුමාර නැමැත්තා සිතාසි බාර දී තිබියදීත් අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන්.

අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, චමින්ද පැල්පිට, පියල් අබේසේකර, උපුල් චමින්ද පෙරේරා, උපාලි ලියනගේ, හා ලක්මිණ මුනිදාස මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 18 වැනිදා කැඳවීමට නියෝග කළ අතර එම නඩුවේ පැමිණිල්ලේ හයවන සාක්ෂිකරු හට නැවත සිතාසි නිකුත් කරන ලෙස ද විනිසුවරිය නියෝග කළා.

2015 ජනාධිපතිවරණ සමයේදී එනම් 2014 වසරේ දෙසැම්බර් සිට 2015 වසරේ ජනවාරි මස 7 දක්වා කාලය තුළ දී ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් රුපියල් දශ ලක්ෂයකට අධික මුදලක් වැය කර ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව දිනපොත් මුද්‍රණය කර බෙදා හැරීම් ඇතුළු චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

Share This