මලාවියේ ගංගාවක දී ඔරුවක් හිපෝ සත්ත්වයෙකුගේ ගැටෙයි -20ක් අතුරුදන්

මලාවියේ ගංගාවක දී ඔරුවක් හිපෝ සත්ත්වයෙකුගේ ගැටෙයි -20ක් අතුරුදන්

මලාවියේ දකුණු Nsanje ප්‍රදේශයේ Shire ගංගාවේ යාත්‍රා කරමින් සිටි ඔරුවක් හිපෝ සත්ත්වයෙකුගේ ගැටීමෙන් පෙරළී ගොස් තිබෙනවා

ඔරුව පෙරළීමෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන් වී ඇති අතර බිළිඳු මළ සිරුරක් ගොඩ ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Nsanje දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Robert Nayeja පවසා තිබෙන්නේ ,මෙම ඔරුවේ පුද්ගලයින් 37 දෙනෙකු පමණ මොසැම්බිකානු ප්‍රදේශයේ සිට තම වගා කටයුතු සඳහා යමින් සිටි බවයි

ගලවා ගැනීමේ කණ්ඩායම් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා .

මේ වන විට ඔරුවේ සිටි පුද්ගලයින් 13 දෙනෙකු බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

මෙම ගංගාවේ කිඹුලන් සහ හිපෝ සත්ත්වයන්ගේ ගහනය වැඩි බවත් ගමනාගමනය සඳහා යොදාගන්නේ මෝටර් බෝට්ටු නොවන බැවින් මෙවැනි අනතුරුවලට හේතු විය හැකි බවත් විදෙස් මාධ්‍ය පවසනවා

Share This