හිරුනිකාට එරෙහි වීදි නාට්‍යයක් පෙන්වීමේ නඩුව මාර්තු 16 කැඳවීමට නියෝගයක්

හිරුනිකාට එරෙහි වීදි නාට්‍යයක් පෙන්වීමේ නඩුව මාර්තු 16 කැඳවීමට නියෝගයක්

2022 වසරේ කුරුඳුවත්ත , නිදහස් චතුරස්‍රයේ අසල දී නීතී විරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟ දැක් වූ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව ඇති නඩුව මාර්තු 16 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(08) නියෝග කළා.

ඒ නඩුව ඊට අදාල නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එම අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

2022 වසරේ නොවැම්බර් 14 වැනිදා නිදහස් චතුරශ්‍රය අසල දී පොලිස් ආඥා පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් වීදි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

නඩුව කැඳවූ අවස්ථාවේ පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් පොලිසිය පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුව යළි ලබන වසරේ මාර්තු 16 වැනිදා කැඳවීමට නියම කළ අතර මහේස්ත්‍රාත්වරයා එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසට නියෝගයක් ද කළා.

Share This