හිරෙන් නිදහස් වී ගෙදර ගිය රැඳවියාගෙන් සාදයක් -කොවිඩ් බව දන්නේ ඊට පසුවයි

හිරෙන් නිදහස් වී ගෙදර ගිය රැඳවියාගෙන් සාදයක් -කොවිඩ් බව දන්නේ ඊට පසුවයි

අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරගතව සිට පැමිණි සෙල්ල කතගරම ප්‍රදේශයේ පුද්ගලයකුට දින තුනකට පසුව කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා ඔහුගේ ආශ්‍රිත නිවාස 100ක් පමණ පිරිස නිරෝධායනය කළ බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සහ සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සංස්කාරක සමන් දිසානායක මහතා පවසනවා.

බන්ධනාගාර ගතව සිටි මෙම පුද්ගලයා ඉකුත් 23 වැනි දා නිදහස ලබා  නිවෙසට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ

බන්ධනාගාරයෙන් නිදහස ලැබීමට පෙර ඔහු පී.සී.ආර්. පරික්ෂණයකට ලක් කර ඇති අතර එහි වාර්තා ලැබී ඇත්තේ දින තුනකට පසුවයි

එම පුද්ගලයා සිය නිවෙසට පැමිණ නෑ හිතමිතුරන් සමග ප්‍රිති වී ඔවුන් සමග සාද පවත්වා ඇති බවත් ප්‍රදේශයේ පැවැති අවමගුලකට හා පිංකම් ගෙදරකට සහභාගී වි ඇතැයි ද වාර්තා වනවා

ඒ අනුව මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී බවට ඉකුත් 26 වැනි දින අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් සෞඛ්‍ය අංශවලට දැනුම් දෙනවිට විශාල ව්‍යාසනයක් සිදුවී ඇතැයි ද සමන් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරනවා

Share This