හිලරි කුණාටුව දකුණු කැලිෆෝනියාවට ළඟා වෙයි

හිලරි කුණාටුව දකුණු කැලිෆෝනියාවට ළඟා වෙයි

හිලරි නිවර්තන කුණාටුව දකුණු කැලිෆෝනියාවට ළඟා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මිලියන සංඛ්‍යාත ජනතාවක් හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් යටතේ සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

හිලරි කුණාටුව මේ වන විට මෙක්සිකෝවේ බාජා කැලිෆෝනියා අර්ධද්වීපයට පැයට සැතපුම් 70 පමණ තද සුළං සමගින් ළඟා වී ඇති බවයි පැවසෙන්නේ

කුණාටුව එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශය හරහා තවදුරටත් ගමන් කරමින් සිටින අතර මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් දිය පහරකට හසුවීමෙන් මිය ගොස් තිබෙන බවද සඳහන් වනවා

එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ඉදිරි පැය කිහිපය තුළ කුණාටුව රට අභ්‍යන්තරයට ගමන් කරනු ඇති බවයි.

Share This