හුදකලා කර ඇති කොත්මලේ ඩන්සිනන් වත්තේ මැද කොටසේ වතු කම්කරුවන් විරෝධතාවයක

හුදකලා කර ඇති කොත්මලේ ඩන්සිනන් වත්තේ මැද කොටසේ වතු කම්කරුවන් විරෝධතාවයක

ආසාධාරණ ලෙස හුදකලා කොට ඇති බව පවසමින් කොත්මලේ, ඩන්සිනන් වත්තේ මැද කොටසේ වතු කම්කරුවන් විශාල පිරිසක් අද (06) විරෝධතාවයක නිරත වී තිබෙනවා .

මසකට වඩා අධික කාලයක් තම වතු කොටස මෙසේ හුදකලා කොට ඇති බවත් හුදකලා කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයන්ට හා විවිධ දුෂ්කරතාවයන්ට ලක්ව ඇතැයි විරෝධතාවයේ නිරත වතු කම්කරුවෝ ප්‍රකාශ කරනවා.

මෙසේ වතු කොටස හුදකලා කිරීම හේතුවෙන් රජයෙන් ලැබිය යුතු භාණ්ඩ වතු පවුල් රැසකට නොලැබුණු බවත් මේ හේතුවෙන් තමන් ජීවිත්වීමේ ගැටළු රැසකට මුහුණ පා ඇති බවද විරෝධතාකරුවෝ පවසති.

ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ වෛද්‍ය සායනවලට මෙන්ම වෙනත් අත්‍යවශ්‍ය කටයුතු සදහා වෙනත් ප්‍රදේශවලට යාමට නොහැකිව වතු කම්කරුවන් රැසක් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් කුළිදෛනික වැටුප් ලබන බොහෝ පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවයි.

Share This