හුමාලය අල්ලන්න ගිය නිරෝධායනයේ සිටි දැරිය පිළිස්සෙයි -දෙමව්පියනි මේ ගැනත් සිතන්න

හුමාලය අල්ලන්න ගිය නිරෝධායනයේ සිටි දැරිය පිළිස්සෙයි -දෙමව්පියනි මේ ගැනත් සිතන්න

කොවිඩ් ආසාදිතව වෛද්‍ය උපදෙස් අනුව නිවසේ ප්‍රථිකාර ලබමින් සිටි දැරියක් හුමාලය ඇල්ලිම සදහා ලබා දි තිබු උණු ජලය සිරුරේ හැලි ඊයේ ( 17 ) දින ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය සඳහන් කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

මෙසේ රෝහල් ගත කර ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක දැරියක්

මෙම දැරියට හා ඇගේ මවට කොරෝනා ආසාදිතව ඇත්තේ දින කිපයකට පෙර බවත් සෞඛ්‍ය උපදෙස් අනුව නිවසේ ප්‍රථිකාර ලබමින් සිටියදි මෙසේ උණු ජලය සිරුරේ හැලි පිළිස්සි ඇති බවත් වාර්තා වනවා

පසුව දැරිය ආරක්ෂීතව ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කිරීමේන් පසුව කොවිඩ් ඒකකයට යවා අදාල ප්‍රථිකාර ලබා දිම ආරම්භ කර තිබෙනවා .

Share This