හෙට පැවැත්වීමට නියමිත වූ වෛද්‍ය වර්ජනය අත්හිටුවයි (VIDEO)

හෙට පැවැත්වීමට නියමිත වූ වෛද්‍ය වර්ජනය අත්හිටුවයි (VIDEO)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.

එමෙන්ම ජනවාරි මාසය සඳහා සාමාන්‍ය වැටුප් ලේඛනය මගින් DAT දීමනාව නොලැබෙන වෛද්‍යවරුන් සඳහා අදාළ දීමනාව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙසයි ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර ඇත්තේ.

ඒ අනුව හෙට(24) උදෑසන 08සිට ආරම්භවීමට නියමිතව තිබූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට විධායක සභාව විසින් ඒකමතිකව තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම පරාජයට පත් කරමින් වෛද්‍යවරුන්ට ලැබිය යුතු සාධාරණය ඉටු කිරීමට මැදිහත් වූ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට කෘතඥතාවය පළ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This