හෙට සිට ‘එන්නත් නොකළ වැඩිහිටියන් සොයන’ මෙහෙයුමක් – ක්‍රියාත්මක වන්නේ මෙලෙසයි
මෙතෙක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන නොමැති වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සොයාගෙන එන්නත්කරණය කිරීමේ වැඩසටහන ‘ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැකගනිමු’ තේමාව යටතේ මේ මස 21 වැනිදා සිට 28 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (20) පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
කොවිඩ් මරණවලින් මියයන පුද්ගලයන්ගෙන් 75%ක් වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් බවත් එම ප්රතිශතයෙනුත් 88%ක් කොවිඩ් මර්දන එන්නත එකදු මාත්‍රාවක්වත් ලබාගෙන නොමැති බවත් යුද හමුදාපතිවරයා විසින් පෙන්වා දී තිබුණා.
පසුගිය 13 වැනිදා සිදුවූ කොවිඩ් මරණ 160න් 100 දෙනකු කිසිදු මාත්‍රාවක් ලබානොගත් පුද්ගලයන් බවත් ඔවුන්ගෙන් 54 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයේ බවත් එම 54 දෙනාගෙනුත් 36 දෙනකු වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් බවත් යුද හමුදාපතිවරයා එහිදී සඳහන් කරනවා.