
හෙට්ටිපොලදී වෙඩි වැදී දැරියක් මරුට
හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී වෙඩිවැදී දැරියක් මියගොස් තිබෙනවා.
අද (27) රාත්‍රි කාලයේදී වෙඩිවැදීම හේතුවෙන් කාන්තාවක් සහ දැරියක් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී දැරිය මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගිය දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට වෙඩි වැදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මියගිය දැරිය නව හැවිරිදි වියේ පසුවූ හෙට්ටිපොල, මඟුලාගම ප්‍රදේශයේ පදිංචිකාරියක බව සඳහන්.
තුවාල ලැබූ මිත්තණිය කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අපරාධයට සම්බන්ධ බෝර 12 වර්ගයේ ගිනිඅවිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.