
හෙටින් ඇරඹෙන සිරි දළදා වන්දනාව
හෙට (18) සිට ඇරඹෙන සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතව තිබෙනවා.
දහවල් 12.30ට පමණ එම කටයුතු සිදු කෙරෙනු ඇති අතර ඒ සඳහා විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් ද මෙම අවස්ථාවට එක වීමට අපේක්ෂා කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් කැටුව යාමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව හෙට සිට අප්‍රේල් මස 27 වනදා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි.
ආරම්භක දිනය වන හෙට පස්වරු 03.00 සිට පස්වරු 05.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් පන්ද පුදා ගැනීමට අවස්ථාව සලසා දී ඇති අතර අනිද්දා (19) සිට දිනපතා දහවල් 12.00 සිට පස්වරු 05.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇති.