
හෙරොයින් සහ අයිස් ජාවාරම් කළ දෙදෙනෙක් කිරිබත්ගොඩින් සහ කොටහෙනෙන් අල්ලයි
පොලිසිය ලද තොරතුරකට අනුව කිරිබත්ගොඩ, අලූත් පාරේ ලැගුම්හලක් පරීක්ෂා කර යුවළක් අත්අඩංගුවට ගෙන කළ පරීක්ෂා කිරීමකදී පිරිමි පුද්ගලයා ලඟ තිබී හෙරොයින් ග්‍රෑම් තුනක් සහ අයිස් ග්‍රෑම් දෙකක් සොයාගෙන තිබෙනවා.
පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිකල තොරතුරු වලට අනුව ඔහුට හෙරොයින් සපයන පුද්ගලයා සොයා නිලධාරීන් කණ්ඩායමක් කොටහේන ප්‍රදේශයට ගොස් අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙර පුද්ගලයා මාර්ගයෙන් මුදල් ලබා දෙන බව පවසා හෙරොයින් ග්‍රෑම් 25 ක් ගෙන්වාගෙන නිලධාරීන් විසින් රැක සිට හෙරොයින් සමග ඔහු කොටුකර ගැනීමයි.
කොටහේනේදී අත්අඩංගුවට ගත් එම පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ බූස්ස හිරගෙදර සිට අමල් රාජ් නමැති පුද්ගලයා මෙම හෙරොයින් ජාවාරම සිදු කරවන බවයි.
කිරිබත්ගොඩ ලැගුම්හලේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා මහර අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කරන බවත්, කොටහේනේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා කොටහේන පොලිසියට ඉදිරි විමර්ශන කටයුතු සඳහා භාරදුන් බවත් කිරිබත්ගොඩ පොලිසිය පැවසුවා.
කොටහේනේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සමග ඔහු රැගෙන ආ හෙරොයින් ග්‍රෑම් 25 ක ප්‍රමාණය සමග දුම්වැටි 5400 ක් සහ මුදල් රුපියල් 18,000/ක්ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
