හොංකොං ගුවන් තොටුපළේ දී විදුලි රෝද පුටුවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 11ක් සොයා ගැනේ

හොංකොං ගුවන් තොටුපළේ දී විදුලි රෝද පුටුවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 11ක් සොයා ගැනේ

හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිලධාරීන් විසින් විදුලි රෝද පුටුවක කුෂන් තුළ සඟවා තිබූ කොකේන් කිලෝග්‍රෑම් 11ක් සොයාගෙන තිබෙනවා

51 හැවිරිදි පුද්ගලයෙකු රේගු නිෂ්කාශනයට යමින් සිටියදී මෙම කොකේන් තොගය සොයා ගන්නා අතර එහි වටිනාකම ඩොලර් මිලියන 1.5 ක් බවයි පැවසෙන්නේ

කැරිබියන් දූපත් රාජ්‍යයක් වන Sint Maarten සිට පැරිස් හරහා පැමිණි හොංකොංවලට පැමිණි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

භයානක මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ

රේගු නිලධාරීන්ට පවසන්නේ සැකකරු විසින් පරීක්ෂා කරන ලද ගමන් මලු දෙකෙන් එකක් ලෙස රෝද පුටුව ගෙන ආ බවයි

කාර්ය මණ්ඩලයට සැක මතුවීමෙන් පසු වැඩිදුර පරීක්‍ෂණයට නියෝග කරන ලද අතර එහි ආසන කුෂන් සහ පසුපස කොටස නැවතත් මසා ඇති බවට සාක්ෂි සොයා ගෙන තිබෙනවා

මෙම පුද්ගලයා තමා මෝටර් රථ කුලියට දෙන සමාගමක අධ්‍යක්ෂවරයෙකු බවත් රෝද පුටුව ඔහුට ණයට ලබා දී ඇත්තේ මිතුරෙකු බවත් නිලධාරීන්ට පවසා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා .

Share This