හොංකොං විමසිල්ලෙන්

හොංකොං විමසිල්ලෙන්

චීනය දේශසීමා විවෘත කිරීමත් සමග හොංකොං බලධාරීන් විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

වසර 03 කට පසුව චීනය ඉකුත් 08 වනදා හොංකොං වැසියන්ටත් දොරටු විවෘත කළා.

ඒ හමුවේ දිනකට 60,000 ක පමණ පිරිසක් දෙරටෙහි දේශසීමා හරහා ගමන් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීනයේ දේශසීමා විවෘත කිරීමත් සමග ජනතාව ඖෂධ එක්‍ රැස් කරගනු ඇතැයි සැක පලවීම හේතුවෙන් හොංකොං රාජ්‍ය තුළ ඖෂධ මිලදී ගැනීමේදී යම් සීමා පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ හොංකොං රාජ්‍යයේ ඖෂධ අලෙවිසල් රැසක් ඖෂධ වට්ටෝරු නොමැතිව උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, පාචනය සහ වේදනා නාශක ඖෂධ මිලදී ගැනීමේදි කෝටා ක්‍රමයක් යටතේ ඖෂධ අලෙවි කරන බවයි.

එමෙන්ම හොංකොං බලධාරීන් ද සීමා සහිතව ඖෂධ නිකුත් කරන ලෙස ඖෂධ අලෙවිසල් දැනුවත් කර ඇතැයි වාර්තා පළ වනවා.

ඖෂධ එක්‍ රැස් කිරීම වළක්වා බොහෝ පිරිසකට ඖෂධ මිලදී ගැනීමට හැකි පරිදි කටයුතු කරන ලෙස ද හොංකොං රජය ඖෂධ අලෙවිසල් දැනුවත් කර ඇතැයි සඳහන්.

කෙසේවෙතත් දේශසීමා විවෘත කර ඇති පසුබිමක් තුළ ලොව පුරා සංචාරකයින් රටට ඇතුළු වන බැවින් රට තුළට කොරෝනා වෛරසයේ ප්‍රභේද ඇතුළුවිය හැකි බවටයි හොංකොංහි සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත්තේ.

චීන වැසියන් රටට ඇතුළු වීමේදී අනිවාර්යයෙන් PCR පරීක්ෂණ කළයුතු බවට පනවා තිබූ සීමාව ද හොංකොං බලධාරීන් ඉකුත් දා ඉවත් කළා.

Share This