
හොර රහසේ සාකච්ඡාවට පැමිණි ඉංජිනේරු සංගමය මාධ්‍ය මගහැර යයි
විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය සහ විෂය භාර අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යාංශයේදී අද (11) පැවැත්වුණා
පැය තුනකට ආසන්න කාලයක් සාකච්ඡාව පැවැත්වුණු අතර මෙම සාකච්ඡාව සඳහා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සමාගම් හතරකට කැඩෙන අතර එහි ප්‍රධානීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
සමාගම් හතරකට කැඩීමේදී ඉංජිනේරු සංගමයේ දායකත්වය ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර මෙතෙක් කලක් ඉංජිනේරු සංගමය අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට නොගොස් සිටියදී හොර රහසේම අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට පැමිණීම මෙහිදී විශේෂත්වයක්.
එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ සාකච්ඡා කෙරුණු කාරණා ප්‍රකාශ කිරීමට නොහැකි බවත් නැවත සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එයින් පසුව ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන බවයි.
සාකච්ඡාව සඳහා ඉංජිනේරු සංගමය පමණක් කැඳවා තිබීම මෙහිදී කැපී පෙණුනා.