හොරණ වෙඩි තැබීමකින් අයෙක් මරුට

හොරණ වෙඩි තැබීමකින් අයෙක් මරුට

හොරණ, මීවනපලාන, සිරීල්ටන් වත්ත, අක්කර 12 ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඇති බව හොරණ පොලිසිය පවසනවා.

පොලිසියය පවසන්නේ මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දමිත් පුෂ්පකුමාර නමැති 45 හැවිරිදි පුද්ගලයකු බවයි.

මියගිය පුද්ගලයා සිය බිරිඳ සමඟ රාත්‍රි වෙළඳසැලකට ගොස් පැමිණෙමින් සිටියදී සැඟවී සිටි සැකකරු වෙඩි තබා ඇති අතර, බිම වැටීමෙන් පසුවද වෙඩි පහරවල් එල්ල කර ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයා මීට මාස කීපයකට පෙර මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ ඇති බවද පොලිසිය පැවසුවා.

වෙඩි පහර එල්ල වූ පුද්ගලයා එම ස්ථානයේම මියගොස් ඇති අතර, හොරණ පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනවා.

පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවත්, බෝර 12 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අව්යකින් වෙඩිතැබිම සිදුකරන්නට ඇති බවටත් පොලිසිය සැක පලකරනවා.

 

Share This