හොරෙන් ඉතාලි ගිය බෝට්ටු දෙකක් පෙරලී 04ක් මියයයි – 23ක් අතුරුදන්

හොරෙන් ඉතාලි ගිය බෝට්ටු දෙකක් පෙරලී 04ක් මියයයි – 23ක් අතුරුදන්

මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියට යාමට තැත් කිරීමේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ටියුනීසියාවට ඔබ්බෙන් වූ මුහුදේ ගිලී යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.

එසේම තවත් සංක්‍රමණිකයන් 23 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට 53 දෙනෙකු බේරා ගෙන ඇති අතර අදාළ සංක්‍රමණිකයන් අප්‍රිකානු ජාතිකයන් වන බව ද සඳහන්.

අප්‍රිකාවේ සිට සංක්‍රමණිකයන් 14,000 කට වැඩි පිරිසක්, යුරෝපයට යාමට උත්සාහ කිරීමේදී මෙම වසරේ මුල් මාස තුනේදී අල්ලා ගැනීමට හැකි වූ බවත්, එය පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා වූ සංඛ්‍යාවලට වඩා පස් ගුණයකින් වැඩි බවත් විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Share This