
හොරෙන් ගෙනා ලක්ෂ 13 හමාරක සිගරට් කටුනායක හිරවෙයි
රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශයක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (06) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද බාරයට ගෙන තිබෙනවා.
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කන්තලේ ප්‍රදේශයේ පදිංචි , ඩුබායි හි වසර තුන හමාරක කාළයක් විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කළ 48 හැවිරිදි අයෙක්.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ රෙදි සේදුම් කුඩු , චොකලට් සහ සුවද විළවුන් අඩංගු පෙට්ටි තුළ , ඒවා සඟවා ගෙනවිත් තිබුණා.
මෙහිදී විදේශීය නිෂ්පාදිත ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 9,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 45 ක් සොයා ගත්තා.
