හොලිවුඩ් නළුවන්ගේ සංගමයෙන් වීඩියෝ ක්‍රීඩාවලට එරෙහිව වර්ජනයක්

හොලිවුඩ් නළුවන්ගේ සංගමයෙන් වීඩියෝ ක්‍රීඩාවලට එරෙහිව වර්ජනයක්

එක්සත් ජනපදයේ නළුවන් නියෝජනය කරන වෘත්තීය සමිතිය විසින් ප්‍රධාන වීඩියෝ ක්‍රීඩා සමාගම්වලට එරෙහිව දෙවන වරටත් වැඩ වර්ජනයකට යොමුවීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

SAG-AFTRA සහ Activision සහ Electronic Arts වැනි සමාගම් අතර වන ”වැටුප් වැඩිවීම් සහ කෘත්‍රිම බුද්ධිය” පිළිබඳ සාකච්ඡා නැවතී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

හොලිවුඩ් නළු නිළියන් ප්‍රධාන රූපවාහිනී සහ චිත්‍රපට සමාගම්වලට එරෙහිව පසුගිය ජූලි 13 සිට වැඩ වර්ජනයක නිරත වුණා.

ක්‍රීඩා සමාගම්වල ප්‍රකාශකයෙකු පවසන්නේ දෙපාර්ශවයම සාධාරණ ගනුදෙනුවක් අපේක්ෂා කරන බවයි.

දෙවන වැඩවර්ජනයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 5 සිට 25 දක්වා පැවැත්වෙන බව සඳහන්.

වීඩියෝ ක්‍රීඩා කරන්නන් සඳහා ගෙවන ගාස්තු 11% කින් වැඩි කරන ලෙස වීඩියෝ ක්‍රීඩා සමාගම්වලින් ඉල්ලා සිටින බවයි ඊයේ(01) නිවේදනයක් නිකුත් කරමින් නළුවන් නියෝජනය කරන වෘත්තීය සමිතිය සඳහන් කරන්නේ.

එමෙන්ම AI මගින් සිදුවන බලපෑම ගැනත් ඔවුන් සඳහන් කරන අතර කලාකරුවන්ගේ වැඩ සහ වෘත්තීන්හි අනාගතයට තර්ජනයක් වන බවද පෙන්වා දෙනවා.

සංගමයේ සභාපති ඇමරිකානු නිළි ෆ්‍රාන් ඩ්‍රෙෂර් පවසන්නේ “නැවත වරක් කෘත්‍රිම බුද්ධිය අපගේ සාමාජිකයින්ට වැඩ කිරීමට ඇති අවස්ථාව අඩු කිරීමේ අනතුරකට ලක් කරයි” යනුවෙන්.

විනෝදාස්වාද ක්‍ෂේත්‍රයේ 160,000ක් නියෝජනය කරන සංගමයට නොවැම්බර් මාසයේදී කල් ඉකුත් වීමට නියමිතව තිබූ ප්‍රධාන වීඩියෝ ක්‍රීඩා සමාගම් සමග වෙනම ගිවිසුමක් තිබෙනවා.

කෙසේ වෙතත්, සාකච්ඡා දිගටම කරගෙන යාමට ඉඩ දීම සඳහා එය වසරක් දීර්ඝ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This