හෝමගම, හබරකඩ නිවසේ නවතා තිබූ කරවල ලොරියට රෑ ගිනි තියලා

හෝමගම, හබරකඩ නිවසේ නවතා තිබූ කරවල ලොරියට රෑ ගිනි තියලා

හෝමගම, හබරකඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ කරවල විකිණීමේ නිරත කුඩා ලොරි රථයකට කිසිවෙකු විසින් ගිනි තැබීමෙන් ලොරි රථය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

පොලිසිය සැක පළ කරන්නේ ⁣අද (11) අළුයම් කාලයේදී මෙලෙස ගිනි තැබීම සිදු කර ඇති බවයි.

ලොරි රථයේ හිමිකරු ඔහුගේ නිවස ඉදිරිපිට ලොරි රථය නවත්වා නින්දට ගිය පසු කිසිවෙකු විසින් ලොරි රථයට ගිනි තැබීම සිදුකර ඇති බවට සිදුකල මූලික පරීක්ෂණයේදී අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ හෝමගම පොලිස් කොට්ඨාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් සහ අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකයයි.

Share This