ළමා මරණවලට අදාළ වූ ඉන්දියාවේ කැස්ස සිරප් නිෂ්පාදකයින්ට එරට රජයෙන් දැනුම් දීමක්

ළමා මරණවලට අදාළ වූ ඉන්දියාවේ කැස්ස සිරප් නිෂ්පාදකයින්ට එරට රජයෙන් දැනුම් දීමක්

ඉන්දියාවේ කැස්ස සිරප් නිෂ්පාදකයින් තම නිෂ්පාදන අපනයනය කිරීමට පෙර සාම්පල පරීක්ෂා කර ගැනීම එරට රජය විසින් අනිවාර්යය කර තිබෙනවා

ඒ අනුව ජුනි පළමුවනදා සිට, මෙම සමාගම් රජය විසින් අනුමත කරන ලද රසායනාගාරයකින් විශ්ලේෂණ සහතිකයක් ලබා ගත යුතුයි .

ගැම්බියාවේ සහ උස්බෙකිස්තානයේ සිදු වූ මරණවලට ඉන්දියාවේ නිෂ්පාදිත මෙම කැස්ස සිරප් පිළිබඳ ගැටළු ඇතිවීමෙන් පසුව මෙම නීති වෙනස් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එරට විදේශ වෙළඳ අධ්‍යක්ෂ ජනරාල් විසින් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කැස්ස සිරප් පරීක්‍ෂා කර අපනයන නියැදියට යටත්ව අපනයනය කිරීමට අවසර දෙන බවයි.

සාම්පල පරීක්ෂා කළ හැකි මධ්‍යම සහ ප්‍රාන්ත රජයේ රසායනාගාර ලැයිස්තුවක් ද එහි සඳහන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This