ළමුන් දෙදෙනෙක් අනවසර විදුලි රැහැනකට බිලි (වීඩියෝ)
සමන්තුරය, නෙයිකාඩු ප්රදේශයේ දී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක පැටලී ළමුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
සමන්තුරේ පොලිසිය සඳහන් කළේ ඊයේ (12) පස්වරුවේ අදාල දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.
අදාල ළමුන් දෙදෙනා දර කැඩීමට ගිය අවස්ථාවක පොල්වත්තකට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 13 හැවිරිදි වියේ පසුවූ ළමුන් දෙදෙනෙක්.
අනවසරයෙන් විදුලි රැහැන අදින ලද පුද්ගලයින් තිදෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 30,31 සහ 72 යන වයස්වල පසුවනන්.
ළමුන් දෙදෙනාගේ මෘත ශරීර සමන්තුරේ රෝහලේ තැන්පත්කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සමන්තුරේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.