ළමුන්ට පැනවූ Smart Phone සීමාව නිසා චීනයේ තාක්ෂණික අංශයේ පසුබෑමක්

ළමුන්ට පැනවූ Smart Phone සීමාව නිසා චීනයේ තාක්ෂණික අංශයේ පසුබෑමක්

වයස අවුරුදු 18 ට අඩු ළමුන්ට Smart Phone භාවිතය සීමා කිරීමට චීනයේ සයිබර් අවකාශ නියාමකයා නිර්දේශ කිරීමෙන් පසු චීන කොටස් වෙළඳපොළ තුළ තාක්‍ෂණ කොටස් පහත වැටී තිබෙනවා.

Alibaba සහ වීඩියෝ බෙදාගැනීමේ වෙබ් අඩවියක් වන Bilibili වැනි සමාගම්වල කොටස් අද වනවිටපහත වැටීමකට ලක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යෝජිත නීතිය මගින් දරුවන්ට තම දුරකථන භාවිත කිරීමට අවසර ඇත්තේ දිනකට උපරිම වශයෙන් පැය දෙකක කාලයක් පමණි.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වී වසර හතරකට පසුවයි ළමයින් Online Gaming සීමාවලට යටත් කර ඇත්තේ.

චීනයේ Cyberspace Administration (CAC) විසින් යෝජනා කරන ලද නීතිරීතිවලට අනුව, එරට වේලාවෙන් රාත්‍රී 22:00 සිට උදෑසන 06:00 දක්වා කාලය තුළ ජංගම උපාංගවලින් ළමයින්ට අන්තර්ජාලයට පිවිසීම තහනම් කර තිබෙනවා.

ජංගම දුරකථන උපාංග නිෂ්පාදකයින්, වෙළඳසැල් ඇතුළු Online ක්‍රීඩකයින්ට භාවිත සීමාවන් සැකසීම සඳහා “සුළු මාදිලිය” නම් ශ්‍රිතයක් සංවර්ධනය කිරීම අවශ්‍ය වන බවත් එය වයස අනුව වෙනස් විය යුතු බවත් CAC හි යෝජනාවෙහි සඳහන් වනවා.

වයස අවුරුදු 16 ත් 18 ත් අතර දරුවන්ට දිනකට පැය දෙකක් පමණක් ජංගම දුරකථනය භාවිත කිරීමට හැකි අතර, වයස අවුරුදු අටට අඩු අයට විනාඩි අටක් පමණක් ලබා දී තිබෙනවා.

මෙම පියවර චීන තාක්ෂණ සමාගම්වලට හානිකර ඇති අතර පර්යේෂණ ආයතනයක් වන Newzoo පෙන්වා දෙන්නේ ආදායම අනුව ලොව විශාලතම Gaming වෙළඳපොල ලෙස චීනය අභිබවා යාමට මෙම පියවර මගින් එක්සත් ජනපදයට හැකිවන බවයි.

Share This