“ෆ්‍රෙඩී” තවමත් සක්‍රීයයි -මොසැම්බික් වෙත එතැයි අපේක්ෂාවක්

“ෆ්‍රෙඩී” තවමත් සක්‍රීයයි -මොසැම්බික් වෙත එතැයි අපේක්ෂාවක්

“ෆ්‍රෙඩී” සුළි කුණාටුව මැඩගස්කරයට ළඟා වීමෙන් පසු මොසැම්බික් වෙත නැවත ළඟා වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මොසැම්බික් රාජ්‍යයට මීට පෙරද සුළි කුණාටුව හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් සහ ගංවතුර තත්ත්වයක් ඇතිවූ අතර තවමත් එයින් ජනතාව පීඩා විඳින බවයි පැවසෙන්නේ

මැඩගස්කරයේ රජය පවසන්නේ “ෆ්‍රෙඩී” සුළි කුණාටුවෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගිය අතර නිවාස 1,000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.

සුළි කුණාටුව පෙබරවාරි මස මුලදී උතුරු ඕස්ට්‍රේලියානු වෙරළට ඔබ්බෙන් වර්ධනය වූ අතර පසුව දකුණු ඉන්දියන් සාගරය හරහා කිලෝමීටර් දහස් ගණනක් ගමන් කර මොරිෂස් සහ ලා රියුනියන්ට බලපෑ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

පසුව පෙබරවාරි අගදී ගිණිකොනදිග අප්‍රිකාවට ළඟාවීමෙන් පසු පුද්ගලයින් 21 දෙනෙකු මිය ගිය අතර දහස් ගණනක් අවතැන් වුණා

Share This