“ෆ්‍රෙඩී” නිසා මලාවි හි 400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්

“ෆ්‍රෙඩී” නිසා මලාවි හි 400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්

මලාවියට බලපෑ ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් පසුව අතුරුදහන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 349 සිට 427 දක්වා ඉහළ ගොස් ඇති බව මලාවි බලධාරීන් පවසා තිබෙනවා.

එමෙන්ම තවත් රටවල් කිහිපයක්ම මානුෂීය ආධාර නොකඩවා එවන බැවින් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මලාවි හි ආපදා කළමනාකරණ කටයුතු දෙපාර්තමේන්තුව (DoDMA) ප්‍රකාශ කර තිබෙන්නේ රටේ බලපෑමට ලක් වූ කලාප 15කින් කඩිනම් තක්සේරු වාර්තා ලැබුණු බවයි.

එම වාර්තාවට අනුව “2023 මාර්තු 20 වන සඳුදා වන විට අවතැන් වූවන්ගේ සංඛ්‍යාව 508,244 ක් වනවා

එමෙන්ම මරණ සංඛ්‍යාව 476 සිට 499 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ 1,332 ක් සිටින බවත් නිවේදනයක් නිකුත් කරමින් මලාවි හි ආපදා කළමනාකරණ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා

එක්සත් රාජධානිය, ටැන්සානියාව සහ සැම්බියාව ඇතුළු රටවල් කිහිපයක් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට කණ්ඩායම් එවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

මලාවි හි දකුණු කලාපය පුරා කඳවුරු 500 කට අධික සංඛ්‍යාවක් පිහිටුවා ඇති අතර එහිදී දිස්ත්‍රික්ක 10 ක් බලපෑමට ලක්ව තිබෙනවා

Share This