ෆින්ලන්තයේ පාලමක් කඩා වැටීමෙන් 27 දෙනෙකුට තුවාල

ෆින්ලන්තයේ පාලමක් කඩා වැටීමෙන් 27 දෙනෙකුට තුවාල

ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරට මදක් ඔබ්බෙන් එස්පූ නගරයේ තාවකාලික පදික පාලමක් කඩා වැටීමෙන් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පාසල් සිසුන් බවයි ගලවා ගැනීමේ සේවා පවසන්නේ.

හෙල්සින්කි රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයකු පැවසුවේ මෙම ළමුන් සිය ගුරුවරුන් සමඟ ක්ෂේත්‍ර චාරිකාවකට ගොස් ආපසු එන අතරවාරයේ තාවකාලික පදික පාලම කඩාවැටි ඇති බවයි.

අනතුරින් ළමුන් 26 දෙනෙකු සහ වැඩිහිටියෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 24 දෙනෙකුට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය බව බලධාරීහු පවසනවා.

ප්‍රදේශයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතරතුර තාවකාලිකව මෙම පාලම ඉදිකර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ෆින්ලන්ත හදිසි අනතුරු අංශයේ නිලධාරීන් මේ වනවිට තුවාල ලැබූ සියලුදෙනා රෝහල් වෙත රැගෙන යන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Share This