
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම කාර්යක්ෂම කිරීමට රට පුරා ජංගම වැඩසටහනක්
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ථ රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ මස 26 සිට 30 වෙනිදා දක්වා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය කටයුතු කර තිබෙන බව සඳහන්.
ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරීන් ගම තුළට ගොස් ජනතාවගෙන් තොරතුරු ලබාගෙන කඩිනමින් සින්නක්කර ඔප්පු නිකුත් කිරීමට මෙමඟින් බලාපොරොත්තු වන බවයි ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (20) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් චන්ද්‍රා හේරත් මහත්මිය මෙම අදහස් පළ කළා.