
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරේ
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භක උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.
දකුණු ආසියානු කලාපයේ දේශීය වෛද්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2021 මාර්තු 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි “ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, ශ්‍රි ලංකාව” යන නාමය යටතේ ස්ථාපනය කර තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාවේ 16 වැනි විශ්වවිද්‍යාලයයි.
ඊට එක් කර ඇති නව උපාධි පාඨාමාලා සංඛ්‍යාව 07ක්.
කණ්ඩායමකට සිසුන් 50 දෙනෙක් බැගින් 2021 වසර සඳහා සිසුහු 350 දෙනෙක් ඇතුළත් කර ගැනෙනවා
ආයුර්වේද විද්‍යාව හදාරණ සිසුනට ආයුර්වේද ක්‍රමය න්‍යයාත්මකව හා ප්‍රායෝගිකව ඉගැන්වීමේ අරමුණින් ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි මහතා විසින් 1929 වසරේදී ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය පිහිටවනු ලැබුවා.
වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යායතය 1995 වසරේදී කැලනිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ විශ්ව විද්‍යාල ආයතනයක තත්ත්වයට උසස් කරනු ලද බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.