ජනපති අනුරගේ දීපාවලි සුබපැතුම් පණිවිඩය

ජනපති අනුරගේ දීපාවලි සුබපැතුම් පණිවිඩය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දීපාවලි සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව එහි දැක්වෙන්නේ බෙදා වෙන්කර දුර්වල කිරීමට තැත් කළ ශ්‍රී ලාංකික ජාතිය නොබෙදී සවිමත්ව සිට ගැනීමට කාලය එළඹ ඇති බවයි

එමෙන්ම ප්‍රඥාවේ දීපාවලිය දල්වමින් ශ්‍රී ලාංකිකයන් ලෙස නව චින්තන පෙරළියක් සඳහා වූ මඟකට පිවිසීමට මෙවර දීපාවලි උත්සවය අගනා නිමිත්තක් කර ගනිමු යැ’යි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා

අසාධාරණය, ආන්තීකරණය, වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය ආදිය මුලිනුපුටා දමමින් සමාජය අසම සම ඡේදනය කරන, වරප්‍රසාද ලාභීන් සහ වරප්‍රසාද අහිමිවූවන් නිර්මාණය කරන දේශපාලන සංස්කෘතියට නැවතුම් තිත තැබීමට පෙරමුණ ගන්නා බව ද අදාළ නිවේදනයෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන්

Share This