
බෙලිඅත්තේ සිදුවූ බිහිසුණු බස් රථ අනතුර
බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී අද (29) උදෑසන පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිඅත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 17 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට මාරුකර යවා ඇති බවටයි වාර්තා වන්නේ.
අනතුරින් කුඩා ළමුන් කිහිපදෙනෙකුද තුවාල ලබා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා