
මල්වතුහිරිපිටියේ හිමිනමට වෙඩි තැබූ බවට සැක පුද්ගලයා අත්අඩංගුවට
මල්වතුහිරිපිටිය ප්රදේශයේ විහාරස්ථානයක දී හිමිනමකට වෙඩිතැබීමේ සිද්ධියේ ප්රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොණරාගල හම්බේගමුව ප්රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
පසුගියදා මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මල්වතුහිරිපිටිය ප්රදේශයේ විහාරස්ථානයේ දී හිමිනමකට වෙඩි තබා ඝාතනය කර තිබුණා.