ලබන 4 වැනිදා සිට සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් (VIDEO)
ලබන නොවැම්බර් මස 4 වනදා සිට 9 වනදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා
ඒ අනුව කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිසට අදාළ එන්නත් මාත්‍රා ලබා ගත හැකියි
ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස නම් කර තිබුණ ද 2023 වසරේ මැයි මාසයේ සිට මෙරටින් යළිත් සරම්ප රෝගීන් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ
ඒ අනුව වාර්තාවන රෝගීන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 20 සිට 30 දක්වා වයසේ පසුවන තරුණ පිරිස වන බව සඳහන්.
ඔවුන්ගෙන් රෝගය සම්ප්‍රේෂණයවන බවට හඳුනාගෙන ඇති අතර ඒ හේතුවෙන් කුඩා දරුවන් සහ විශේෂයෙන් මාස 09ට අඩු ළදරුවන් රෝගයට ගොදුරු වන බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ