ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමා වෙයි
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමා වී තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක්වන්නේ.
ඩර්බන් හිදී පැවති මෙම තරගයේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 13ක් හා ලහිරු කුමාර නොදැවී ලකුණු 10ක් රැස්කළ අතර කණ්ඩායමේ වෙනත් කිසිවෙකුට ලකුණු දහයේ සීමාව හෝ පසු කර යාමට හැකියාව ලැබුණේ නැහැ.
එහිදී දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ප්‍රබාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු හා අසිත ප්‍රනාන්දු ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වුණා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ Marco Jansen ලකුණු 13කට කඩුලු 7ක් දවාගත්තා.
ශ්‍රී ලංකාව මීට පෙර ටෙස්ට් ඉනිමකදී දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වූයේ 1994 වසරේදී මහනුවරදී පැවති තරගයකදී පාකිස්ථානය හමුවේ ලකුණු 71කට දැවීයාමයි.