
සතොසේ මිල ගණන් පහළට
ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයකම මිල ගණන් යළි අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රතු කැකුළු හාල් කිලෝවක මිල රුපියල් 5කින් ද අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 205ක්.
රතු පරිප්පු කිලෝවක මිල ද රුපියල් 9කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 389ක් ලෙසටයි.
ග්‍රෑම් 425 දේශීය ටින් මාළු එකක මිල රුපියල් 45කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 540ක් ලෙස දැක්වෙනවා.