සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට නිවේදනයක්

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය අංගයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යේෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ දී සෞන්දර්ය විෂයයන් වැඩිදුරටත් අධ්‍යයනය කළ හැකි අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ද සෞන්දර්යය විෂයයන් සඳහා ළමුන්ට පෙනී සිටිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම උසස් අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන් එලෙසම පවතින බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකයක් ඇති වන ප්‍රකාශ හා විවිධ මාධ්‍ය උපයෝගී කර ගෙන කරනු ලබන සාවද්‍ය ප්‍රකාශ බැහැර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලබන බවයි වැඩි දුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ.

එම නිවේදනය පහතින්

Share This