අකුරට වැඩ කරන රේගුව (VIDEO)
රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
රේගු සේවකයන්ට අතිකාල සහ දිරිදීමනා ගෙවීම් සිදු කෙරෙන රේගු ත්‍යාග අරමුදල මුදල් අමාත්‍යාංශය භාරයට ගෙන ඇති බවත්, එය අසාධාරණ බවත් පවසමින් රේගු නිලධාරීන්, රේගු අධිකාරීවරුන් සහ රේගු මාණ්ඩලික නිලධාරීන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.
අඛණ්ඩව ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට බහාලුම් 4,500ක් පමණ කොළඹ වරායේ සිරවී ඇති බව සඳහන්.
මෙම තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් අලුත් අවුරුදු සමයේ ඇතැම් භාණ්ඩවල හිඟයක් නිර්මාණය විය හැකි බවයි රේගු සංගම් අනතුරු අඟවන්නේ.