අගමැතිගෙන් දරුවන්ට පොදු විභාග ක්‍රමයක් යටතේ පොදු අධ්‍යාපන ක්‍රමයක්
පොදු විභාග ක්‍රමයක් යටතේ විභාගයට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
තම රජයට අධ්‍යාපනය ඉතා වැදගත් විෂයක් බවත් ඒ සඳහා රජය විශේෂ අවධානයක් සහ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ.
පුනරුද යුගයක් වෙනුවෙන් පරිවර්තනයන් සිදු කිරීම තම රජයේ අපේක්ෂාව බවත් ඒ සඳහා අවශ්‍ය මානව සම්පත නිර්මාණය වන ප්‍රධාන ස්ථානය වන්නේ අධ්‍යාපනය බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියා.
මෙහිදී අධ්‍යාපන ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියේ.
පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.