
අගමැති කාර්යාලය නිකුත් කළ හදිසි නිවේදනයට ලිතුවේනියානු කොන්සල් කාර්යාලයෙන් ප්‍රතිචාර
සමාජ මාධ්‍ය භාවිත කරමින් ලිතුවේනියාව මූලික කර ගනිමින් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන බව කියන වංචනික ක්‍රිප්ටෝමුදල් ප්‍රචාරණයන් පිළිබඳව ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය සහ අනිකුත් ප්‍රකට මහජන චරිත් කිහිපයක නම් එම වංචනික ක්‍රිප්ටෝමුදල් දැන්වීම්වල යොදාගන්නා බවට වාර්තා වී ඇති අතර මෙරට ජනතාව රවටා ගැනීමට එම වංචනික පිරිස් කටයුතු කරන බවට වාර්තා වී ඇති බවයි ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ සඳහන් කරන්නේ.
නිවේදනයක් නිකුත් කරමින් එම කොන්සල් කාර්යාලය පෙන්වාදෙන්නේ මේ සම්බන්ධයෙන් ක්ෂණිකව ගෙන ඇති ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය හා පළවී ඇති පුවත් වාර්තා පදනම් කරගෙන මූලික වාර්තාවක් ලිතුවේනියානු තානාපති කාර්යාලය වෙත යොමු කර ඇති අතර මෙය සැබවින්ම ලිතුවේනියාවේ සිට මෙහෙයවන වංචනික කටයුත්තක්ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා එරට රජය වෙත මෙම තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.
ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ද මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එමඟින් ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා රජය සහ ලිතුවේනියානු සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් ලිතුවේනියානු රජය පාර්ශ්වයෙන් මෙම විමර්ශන සඳහා උපරිම සහය ලබාදීමට සැමවිටම සූදානම් බවයි.
එමෙන්ම මෙවැනි සමාජ විරෝධී, දූෂිත ක්‍රියාවන්ට එරෙහිව ඉහළම නීතිමය කටයුතු සිදු කිරීමට සූදානම් බව ද එහි වැඩිදුරටත් සඳහන්.