අගමැති හරිනි කෝට්ටේ ගැන මෙහෙම කියන්නේ ඇයි?

අගමැති හරිනි කෝට්ටේ ගැන මෙහෙම කියන්නේ ඇයි?

සිංහල සාහිත්‍යයේ හා ගෘහනිර්මාණ ශිල්පයේ ස්වර්ණමය යුගය සනිටුහන් වන කෝට්ටේ අතීතයට පමණක් අයත් දෙයක් නොව, එය විචිත්‍රවත් තෙත්බිම්, විවිධ පක්ෂි ජීවිතය සහ ලෝකයේ ඉතාම සීමිත අගනගර කිහිපයකට හිමි විය හැකි දුර්ලභ පාරිසරික සමතුලිතතාවයක් ඇති නගරයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ඇය මේ අදහස් පළ කළේ “කෝට්ටේ රාජධානිය සංචාරක මුලපිරීම දියත් කිරීම” LAUNCH OF THE KINGDOM OF KOTTE TOURISM INITIATIVE” හා “කෝට්ටේ හරිත සංචාරක ජාලය” “Kotte Green Tourism” මැයෙන් ඊයේ (27) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හි දී පැවැත් වූ කෝට්ටේ රාජධානියේ සංචාරක මාවත එළිදැක්වීමේ උත්සවය අමතමින්.

තවදුරටත් සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යතුමිය පැවසුවේ මෙය ශ්‍රී ලංකාවට අලුත් පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන, වැදගත් මුලපිරීමක් බවයි.

මේ ව්‍යාපෘතිය සංචාරක මාවතකට වඩා වැඩි යමක් බවත් , මෙය ඉතිහාසය, සොබාදහම සහ උරුමය ඔස්සේ යන ගමනක් බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළා

ඇය පෙන්වා දුන්නේ ඔබ සියලු දෙනා දන්නා පරිදි, 14 වන ශතවර්ෂයේදී බලකොටු සහිත අගනුවරක් ලෙස පිහිටුවන ලද කෝට්ටේ, චීන, පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය ආදී විදේශීය බලපෑම් රැල්ලකට මුහුණ දුන් ඓතිහාසික නගරයක් බවයි.

ශ්‍රී ලංකාව ස්වෛරී ජාතියක් ලෙස එක්සත් කර පාලනය කළ, පරාක්‍රමබාහු රජුගේ වාසස්ථානය වුණේ කෝට්ටේ නගරය බව ඇය සදහන් කළා.

අතීතය සහ වර්ථමානය එකට යා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව අදහස් පළ කළ අග්‍රාමාත්‍යතුමිය,

” කෝට්ටේ අතීතයට පමණක් අයත් දෙයක් නොවෙයි. එය විචිත්‍රවත් තෙත්බිම්, විවිධ පක්ෂි ජීවිතය සහ ලෝකයේ ඉතාම සීමිත අගනගර කිහිපයකට හිමි විය හැකි දුර්ලභ පාරිසරික සමතුලිතතාවයක් ඇති නගරයක්. ලෝකයේ ප්‍රථම තෙත්බිම් අගනුවර ලෙස, කෝට්ටේ නාගරික ජීවිතය හා ජෛව විවිධත්වය සමගාමීව පැවතිය හැකි ආකාරය පිළිබඳ ජීවමාන උදාහරණයක්. කල්පනාකාරී සැලසුම්කරණයෙන් හා පරිසරය කෙරෙහි ගැඹුරු ගෞරවයකින් මඟ පෙන්වනු ලැබුවහොත්, කෝට්ටේ රාජධානියේ සංචාරක මාවත ඉතිහාසය, සංස්කෘතිය, සොබාදහම යන මෙම අද්විතීය මානයන් එක් අත්දැකීමක් බවට පත් කරන, අපට තියෙන ඉතා හොඳ අවස්ථාවක්.”

 

 

 

Share This