
අග්නිදිග සරසවිය තාවකාලිකව වැසේ – විභාග කල්යයි
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (15) අලුයම ඇති වු ගැටුමක් හේතුවෙන්, ඉංජිනේරු පීඨයේ පළමු වසර සිසුන්ට විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.
විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ඊයේ රාත්‍රියේ 08ට පෙර නේවාසිකාගාර වලින් පිටව යන ලෙස දැනුම්දී ඇති බවයි.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට,එම විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් සිදුකළ පහරදිමක් හේතුවෙන් සිසුන් සිව්දෙනෙකු ඇතුලු පස්දෙනෙකු රෝහල් ගතකර තිබුණා.
තුවාල ලැබූවන් අක්කරෙයිපත්තුව මූලික රෝහලට සහ ඔලුවිල් ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම ගැටුමත් සමග අද (16) පැවැත්වීමට නියමිතව තිබූ විභාග කටයුතු ද කල්දමා තිබෙන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළා.
මේ අතර අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වාර්තාවක් කැඳවා තිබෙනවා.
එම ගැටුම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලීසිය සහ විශ්වවිද්‍යාල බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.