අට වතාවක් කොවිඩ් එන්නත් ලබාගත් පුද්ගලයෙක් ඉන්දියාවෙන්
ඉන්දියාවේ සිටින 65 හැවිරිදි පුද්ගලයෙක් පසුගිය වසරේ අවම වශයෙන් අට වතාවක් කොවිඩ් -19 එන්නතක් ලබා ගෙන තිබෙන බව සෞඛ්‍ය නිලධාරියෙක් පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කෙසේවෙතත් Brahmdeo Mandal නම් මොහු කියා ඇත්තේ බිහාර් ප්‍රාන්තයේදී තමාට එන්නත් මාත්‍රා 11ක් ලැබුණු බවයි.
මොහු වැඩිදුරටත් පැවසුවේ කැක්කුම සහ වේදනාවෙන් මිදීමට සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට එන්නත තමාට උදව් වූ බවයි.
එමෙන්ම තමාට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවූ බවද ඔහු සඳහන් කරනවා
මොහු විශ්‍රාමික තැපැල්කරුවෙක්
මාදේපුර දිස්ත්‍රික්කයේ සිය පවුල සමඟ ජීවත් වන මැන්ඩල් මහතාට මෙලෙස එන්නත් ලබාගැනීමට හැකිවුයේ කෙසේදැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පැවැත්වෙන බවයි සඳහන් වන්නේ
“ඔහු ස්ථාන හතරකින් එන්නත් අටක් ගත් බවට අපට දැනටමත් සාක්ෂි කබි තිබෙනවා ,” යනුවෙන් මාදේපුර සිවිල් ශල්‍ය වෛද්‍ය අමරේන්ද්‍ර ප්‍රතාප් ෂාහි බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා.
පසුගිය වසරේ ජනවාරි 16 වන දින එන්නත් කිරීම ආරම්භ වූ දා සිට, ඉන්දියාව ප්‍රධාන වශයෙන් දේශීයව නිපදවන ලද එන්නත් දෙකක් වන Covishield සහ Covaxin ලබා දෙනවා .
මාත්‍රා දෙකේ එන්නත් වල පරතරය පිළිවෙලින් පළමු මාත්‍රාවෙන් සති 12-16 සහ සති හතර සිට හය දක්වා වන බවයි පැවසෙන්නේ.
එන්නත් කිරීම ස්වේච්ඡාවෙන් සිදු වන අතර, බොහෝ දුරට රජය විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථාන 90,000කට වැඩි ප්‍රමාණයකදී එන්නත් ලබා දෙනු ලබනවා.