අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල ගණන්

අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල ගණන්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පහළ දමා ඇති අතර නව මිල දැක්වෙන්නේ රුපියල් 3638 ක් ලෙසයි.

කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 40 කින් මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1462 ක් ලෙසයි.

කිලෝග්‍රෑම් 2.3 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 681 ක් වනවා.

Share This