අත්අඩංගුවට ගත් තිළිණි තිළිණි ප්‍රියමාලිට ඇප

අත්අඩංගුවට ගත් තිළිණි තිළිණි ප්‍රියමාලිට ඇප

හෝමාගම දිසා අධිකරණයේ සිතාසි බෙදන්නා සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්නාගේ රාජකාරියට බාදා කිරීම අධිකරණයේ කටයුතු වලට හිතාමතා බාදා කිරීම ඇතුලු චෝදනා හතරක් යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ව්‍යාපාරිකාවක වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරීය මහත්මිය අද (28) නියෝග කලා.

සැකකාර තිළිණි ප්‍රියමාලි නැමැත්තිය ඉකුත් ජුනි 16 වෙනි දින අධිකරණයෙහි විභාග වන නඩුවක් සදහා පෙනි සිටීමට හෝමගම අධිකරණයට පැමිණි අවස්ථාවේ සැකකාරියට ලබා දීමට තිබු සිතාසියක් අධිකරණයේ රාජකාරියේ නිරත වෙමින් සිටි සිතාසි බෙදාදෙන්නෙකු ලබාදීමට යාමේදී අයුතු අවහිරය ,ශාපරාදි බිය ගැන්විම, රාජකාරීයට බාධා කිරීම සහ සිතාසි නිකුත් කරන්නාගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුන්දර මහත්මිය විසින් ඉකුත් ජුලි 14 දින සැකකාරියට නියෝගයක් ලබාදෙමින් පැවසුවේ ජුලි 15 වන දින හෝමාගම මුලස්ථාන පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසටයි.

ඒ අනුව සැකකාර ව්‍යාපාරිකා තිළිණි ප්‍රියමාලි ප්‍රකාශයක් ලබාදීමට හෝමාගම පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී හෝමාගම නීතිඥ සංගමයේ සියලුම නීතිඥයින් සැකකාරියට විරෝධය දක්වමින් නැගී සිටි බව වාර්තා වුණා.

 

Share This