අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂකට ඇප

අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂකට ඇප

ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නෙලූ විජේදාස අල්ලස් කොමිසම මගින් අද (ඔක්. 16) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුට චෝදනා එල්ලවී තිබෙන්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය අලුත්වැඩියාව කිරීම සඳහා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථා සේවකයින් හා දේපළ අනිසි ලෙස භාවිතා කිරීමෙන් රජයට රුපියල් මිලියන 1.6 කට අධික පාඩුවක් සිදු කළ බවටයි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග ක‍ර තිබෙනවා.

Share This