
අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ ප්‍රමාණයක් ඇමරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට ඇමරිකානු තානාපතිනිය ගෙන් එකඟතාවයක්…
මෙරට ඖෂධ සැපයුම සහ සෞඛ්‍ය සේවාවන් පිළිබද පුළුල් සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපතිනිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද පැවැත් වී තිබෙනවා.
එහිදී ඇමරිකානු තානාපතිනිය පොරොන්දු වී ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ ප්‍රමාණයක් ඇමරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමටයි.
මෙහිදී මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ ජනමාධ්‍ය ක්ෂේත්රයේ වත්මන් තත්ත්වය මෙන්ම එහි අනාගත් අභිවෘද්ධිය පිළිබදව ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
මෙහි දී ඇමරිකානු තානාපතිනිය මෙරට මාධ්‍යවේදීන් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් සකස් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීම පිළිබදව අමාත්‍යවරයා සමග අදහස් හුවමාරු කරගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.