අතුරුගිරියේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගැනේ

අතුරුගිරියේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගැනේ

අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර අද (08) උදෑසන මෙම වෙඩි තැබීම සිදුවූ අතර වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවා ද තුවාල ලැබූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

Share This