අතුරුගිරියේ හිමිකරුවකු නැති ඉඩමක පවත්වාගෙන යන ඩෙංගු මදුරු මධ්‍යස්ථානයකට කඩුවෙල නගරාධිපති කඩා වදී

අතුරුගිරියේ හිමිකරුවකු නැති ඉඩමක පවත්වාගෙන යන ඩෙංගු මදුරු මධ්‍යස්ථානයකට කඩුවෙල නගරාධිපති කඩා වදී

අතුරුගිරිය නගරය ආසන්නයේ ජයන්ති මාවතේ කාලයක සිට අතහැර දමා තිබූ ඉඩමක ඉටි රෙදි ඇතුලු කසල ද්‍රව්‍ය ගොඩගසා තිබීම නිසාවෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තිය විශාල වශයෙන් සිදුවීම නිසා කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් මහතා ඇතුලු සෞඛ්‍ය බලධාරීන් පිරිසක් ප්‍රදේශවාසීන් පිරිසක් හා එක්ව අද (16) එම ඉඩමට ඇතුලු වී පරීක්ෂාවට ලක් කළා.

අදාල ඉඩම ආසන්නයේ පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වී එක් ඩෙංගු මරණයක් ද වාර්තා වී ඇති පසුබිමක මෙම ඉඩම පරීක්ෂා කිරීමේදී මදුරු පණුවන් සිටි ස්ථාන ගණනාවක්ම හදුනා ගැනීමට හැකි වුණා.

මෙහිදී ඉඩමේ අයිතිකරු සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබීම නිසා දුරකතන මාර්ගයෙන් එක් අයෙකු සම්බන්ධ කර ගැනීමට නගරාධිපතිවරයා කටයුතු කළා.

එහිදී අදාල ඉඩම නගර සභා බලතල අනුව කඩුවෙල මහ නගර සභාවට පවරා ගැනීමට හැකියාව පවතින බවත්, නැතහොත් ගොඩගසා ඇති සියලු කසල ද්‍රව්‍ය එම ඉඩමේම වලක් කපා වල දැමීමටත් එම වියදම් අයිතිකරුගෙන් අයකර ගැනීමටත් සිදුවන බව ඉඩම හිමිකරුගේ ඥාතියකුට දැනුම් දීමට නගරාධිපතිවරයා කටයුතු කළා.

මෙම ඉඩම හිමිකරු ඉදිරිපත් නොවීම හේතුවෙන් කලක පටන් ඉඩමේ ගොඩගසා ඇති පොලිතීන් ඇතුලු ප්ලාස්ටික් හේතුවෙන් විශාල ප්‍රිසර හානියක් මෙන්ම ඩෙංගු අවදානම ද ඉහළ යාමට හේතු වී ඇතැයි ප්‍රදේසවාසීන් පෙන්වා දුන්නා.

 

Share This