අදානි සමග ඇති ගිවිසුම අවලංගු නොකරන බවට රජයෙන් ප්‍රකාශයක් (VIDEO)
අදානි සමූහ ව්‍යාපාරය සමග මන්නාරම සහ පූනරින් ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත සුළං බල ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීම රජය තීරණය කර නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා
අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා
කෙසේ වෙතත් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කරන බවත් ඒ සඳහා සමාලෝචන කමිටුවක් පත් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී පැවසුවා