
අද අලුයම තංගල්ලේ මාරක රිය අනතුරක්
කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා.
අද (24) අලුයම් කාලයේ සිදුව ඇති මෙම අනතුරෙන් බස් රථයේ ගමන්කල මගීන් 14 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කර තිබේ.
එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ එක් මගියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.
පාසිකුඩා සිට ගාල්ල බලා ධාවනය වූ ගාල්ල ලංගම ඩිපෝවට අයත් බස් රථය මෙලෙස අනතුරට ලක්ව තිබෙන අතර තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.