අද ඇරඹුණු G7 සමුළුව

අද ඇරඹුණු G7 සමුළුව

ලොව ධනවත් රටවල් හතේ නායකයින් සහභාගී වන G7 සමුළුව ඉතාලියේදී අද (13) පැවැත්වෙනවා.

කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව යන රටවල නායකයින්ගේ සහභාගීත්වයෙන් එම සමුළුව අද සිට ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

අප්‍රිකාවේ සහ ඉන්දු පැසිපික් කලාපීය රටවල නායකයින්ද G7 සමුළුවට සහභාගී වන බව සඳහන්.

‍යුක්‍රේනයේ සහ ගාසා තීරයේ යුධ ගැටුම් සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී දැඩි අවධානයක් යොමු වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This